ඊයේ (08) සවස උහන පොලිස් වසමේ මහකණ්ඩිය ප්රදේශයේ අවුරුදු 01 යි මාස 02 වයසැති කුඩා පිරිමි දරුවෙක් ජලය පිරි වලකට වැටි ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
නිවස ආසන්නයේ වැසිකිළි වලක් සඳහා කපන ලද ජලය පිරී තිබුණු වලකට දරුවා වැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පොලිසිය ප්රකාශ කර ඇත.
එලෙස වළට වැටුණු දරුවා ගොඩට ගෙන රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ.එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.