වැසි තත්ත්වයේ සාපේක්ෂ අඩුවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ පවතින තද වැසි තත්ත්වයේ යම් මට්ටමක අඩුවීමක් අපේක්ෂා කරන බවයි.

ඉදිරි පැය 36 තුළදී ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ශ්‍රී ලංකාව උතුරු දෙසින් උතුරු තමිල්නාඩු වෙරළට ළගා වේ යැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කෙසේ නමුත් බස්නාහිර , සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව ද වැඩිදුරටත් සදහන් කර ඇත.

Exit mobile version