කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (17) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
එමෙන්ම වැසි රහිත කාලගුණික තත්ත්වයක් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පැවතිය හැක.
මේ අතර අද දිනයේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී.(20-35) පමණ වේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී.(40-50) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි.