මේ දිනවල මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී ඇති බව වාර්තා වේ.
මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කරන ලද්දේ ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය මේ වන විට දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳීයමින් පවතින බවයි.
එම ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත ැටී පැරණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව පවතින අතර සිඳියමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් පැමිණෙන බවත් ය.