වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත්තයි

අද (31) අලුයම වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.

කියුබික් ඝනමීටර් මිලියන 722ක උපරිම ජල ධාරිතාවයෙන් යුත්ත වික්ටෝරියා ජලාශයෙන් තත්පරයට ඝන අඩි 154ක ජල ධාරිතාවයක් මේ වන විට පිටත් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ දිනවල කඳුකර ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය එහි උපරිම ජල ධාරිතාවට ආසන්න වී ඇති අතර වාන් දොරටු පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතියකට සමගාමීව මෙම දොරටු විවෘත කිරීම සිදු කර ඇත.

වික්ටෝරියා ජලාශය මහවැලි ගංඟාව හරස් කරමින් ආරුක්කු හැඩයකින් යුක්තව නිර්මාණය කර ඇති අතර එහි වේල්ල මීටර් 122ක උසකින් සහ මීටර් 520ක දිගකින් ද යුක්තය.

Exit mobile version