විදුලිබල නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි උසස් පෙළ සිසුන්ගේ ඔලුවට ගහයි.

TNL රූපවාහිනියේ පසුගියදා පැවති ජනහඩ වැඩ සටහනට සහභාගී වෙමින් විදුලිබල මංඩලයේ සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නොයෙල් ප්‍රියන්ත සදහන් කලේ කුම්පි ලාම්පුවෙන් පාඩම් කර විභාගය ලියන ලෙස සහ විදුලිය නොමැති නම් තිබෙන තැනකට ගොස් හෝ පාඩම් කල යුතු බවය.

එසේම ඔහු මෙහිදී කරුණු සදහන් කලේ රට තුල පවතින තත්වය වන භූමි තෙල්වත් නැති බව දැනගෙන නොවන බව පැහැදිලිය. එසේම විදුලිය කප්පාදුව නිසා සමාජය තුල පවතින ගැටලු ගැන මෙම නිලධාරියාට දැනුමක් නැති බවත් ඔවුන්ගේ අවශ්‍යතාවය ඒකාධිපති ක්‍රමයේ ඉලක්කයක් බවද පැහැදිලිවම දක්නට ලැබුණි.

එසේම මෙහිදී විදුලි බල මංඩලයේ නිදහස් සේවක සංගමයේ ලේඛම් ඩබ්ලිව් ඒ ප්‍රියන්ත, විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේඛම් රංජන් ජයලාල්, සහ විලුලි ඉංජිනේරු නන්දික පතිරගේ යන අයද අදහස් දක්වන ලදී. කෙසේ නමුත් මෙම අදහස් දැක්වීම් වලදී විදුලි ඉංජිනේරුවරුන්ගේ සහ අනෙක් පාර්ශ්ව වල අදහස් දැක්විම් වලදි දක්නට ලැබුනේ විදුලිබල මංඩලය විකුණා දමන තත්වයක් ක්‍රියාත්මක වන බවය.

එම වැඩසටහන පහතින් නරඹන්න

https://fb.watch/ixHNdprVIp/?mibextid=2Rb1fB

Exit mobile version