විදුලි බල මණ්ඩලය විසින් ජනතාව සෙල්ලමකට අරගෙන තිබෙන ප්‍රමාණය කොතරම්ද යත්, සමහර ප්‍රදේශවල දිනකට 7,8 වරක් කිසිදු දැනුම් දීමකින් තොරව ක්ෂණිකව විදුලිය බිඳවැටීම් සිදු වේ.
එසේ බිඳවැටෙන සෑම අවස්ථාවකම විදුලියෙන් ක්‍රියාත්මක වන විවිධ උපකරණවලට දැඩි හානි සිදු වෙි. විශේෂයෙන්ම පරිඝණක උපාංග වැනි දේවලට දැඩි හානි ගෙන දේ.
බොහෝ ආයතනවල බැටරි සවිකර තිබුණත්, තවත් බොහෝ ආයතනවල අමතර බැටරි නැත. ඒ මේ වන විට පවතින උග්‍ර ආර්ථික ගැටලුව නිසාය. ව්‍යාපාර බිඳවැටෙමින් පවතින බැවින් ඒවා ලබා ගැනීමටවත් වියදම් නොකරන බැවිනි.
ඒ අනුව විදුලි බල මණ්ඩලය ජනතාවට පහර ගසන්නේ විදුලි බිලෙන් පමණක් නොවේ. තත්පර කිහිපයකට පවා වරින් වර සිදුවන බිඳ වැටීම්ද මහජනතාවට තව තවත් ගැටළු එක් කරමින් සිටී .