විදුලිබල මංඩලය ආයෙත් ජනතාවගේ බෙල්ල මිරිකන්න සැලසුම්

ලක්ෂ ගණන් වැටුප් ලබන විදුලිබල මංඩලයේ අපරාධ පසුගිය කාලය තුල මනාව අනාවරණය විය. ඔවුන් වැඩ වර්ජන කරමින් ජලාශ වල ජලය පවා නිකරුනේ මුදා හැරියේය.

ඒ අතර එළැඹෙන අගෝස්තු මාසයේ සිට විදුලි බිල ඉහළ ද වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබේ.

විදුලි බල මණ්ඩලය මඟින් 130%ක පමණ විදුලි බිල වැඩි කිරීමක් ඉල්ලුම් කළද, ජනතාවට සහන සැලසීමේ අරමුණින් 69%ක පමණ විදුලි බිල වැඩි කිරීමක් සඳහා අනුමැතිය ලබා දුන් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන පිරිවැය ආවරණය කිරීම මෙමගින් බලාපොරොත්තු වන බව එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ජනතාවගේ බෙල්ල මිරිකීමට පෙර ලක්ෂ ගණන් වැටුප් ලබන විදුලිබල මංඩලයේ සේවකයන්ගේ වැටුප්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මට්ටමටම ගෙන ආ යුතුය. එසේ නොමැතිව මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් සිදුවන්නෙ ජීවන බර තව තවත් ජනතාවගේ කර මතින් යැවීමයි.

Exit mobile version