විදුලිබල මණ්ඩලයේ සෙල්ලම් අස්සේ නිවසක් ගිනි ගෙන අලු වෙයි.පොලිසියත් නිහඩයි. (වීඩියෝ)

පැල්මඩුල්ල, ඕපනායක, හල්වින්න අංක 03, හල්වින්න ග්‍රාමසේවා වසමේ නඩරාජා සුබ්‍රමනියම් මහතාගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අපගේ කණ්ඩායම එම ස්ථානය වෙත ගියේ සිද්ධිය වී දින 4 කට පසුව වුවත් සමෘධි නිලදාරීන් හැර වෙනත් කිසිම රජයේ නිලධරියෙකු පැමිණ නොසිටි අතර ග්‍රාම නිලධාරී හට දුරකතනයෙන් පැවසූ විට ” විඩියෝ කර වට්ස් ඇප්” කර එවන ලෙස දැන් වූ බව ගම් වාසීන් පවසයි.

එදින රාත්‍රී වරින් වර විදුලිය ” ඩිම්” වී තිබෙන අතර තෙවෙනි වර ” ඩිම්” වීමත් සමගම විශාල ශ බ්දයක් සමග මෙම නිවස ගිනි ගෙන තිබේ. එදිනම ගමේ තවත් ස්ථාන කහිපයක විදුලි උපකරණ වලට හානි සිදු වි තිබේ.

නිවස ගිනි ගත් අවස්ථාවේ ඕපනායක පොලිසියෙන් පැමිණ ඇති නමුත් මේ සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබෙන බවක් අපට දැන ගන්නට නොලැබුණු අතර ඒ පිළිබදව විමසීම සදහා ඕපනායක පොලිස් ස්ථානාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද එය ව්‍යර්ථ විය.

කෙසේ වුවත් මේ වනවිට එම නිවසේ කුඩා දරුවන් දෙදෙනා සහ මවද පියාද දැඩි ලෙස අසරණව සිටින අතර සිංහල සහ දමිල මිනිසුන් සාමකාමිව ජීවත් වෙන මේ ගමේ සියලුම දෙනාම එකතු වී මෙම නිවැසියන් සදහා අහාර ඇතුළු මූලික අවශ්‍යතා සපුරමින් සිටින නමුත් ගමේ වගකිව යුතු ග්‍රාම නිලධාරියා තම වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැර තිබේ.

මෙවැනි සිද්ධියක් වී පැය 12 ක් යන්නට මත්තෙන් ආපදාවට ලක් වූ පුද්ගලයන් අවතැන් කඳවුරකට යොමු කිරීම හෝ නවාතැන් පහසුකම් සපයා දීමට මෙන්ම අහාර ලබා දීම සිදුකල යුත්තේ ග්‍රාම නිලදාරී විසිනි. ඉන් අනතුරුව ආපදා නිලදාරි හරහා අනෙකුත් කටයුතු සිදු කර ඔවුන්ට නැවත නිවස ඉදි කර දිය යුතුය.

එසේම පොලිස් නිලදාරීන් අධිකරණයට කරුණු වාර්තා මෙම සිද්ධිය අපරාධයක්ද නැද්ද යන්න පිළිබදව සොයා බැලිය යුතුය. එසේම අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ කටයුතු පවා සිදුකිරීමට කටයුතු කර නිවැසියන්ට සහන ලබා දීමේ මූලික කටයුතු කිරීම සිදුකල යුත්තේ ඕපනායක පොලිසියයි . අපට ලැබී තිබෙන තොරතුරු අනුව නම් මේ කිසිවක් සිදුව නැත.

කෙසේ වුවත් සිදුව නැති දේවල් වහාම සිදුකිරීම අදාළ බලදාරීන්ගේ wagakeema වන අතර රාජකාරිය ඉටු නොකළ නිලදාරීන් පිළිබදව soya බලා කටයුතු කිරීමද උසස් නිලධාරීන්ගේ වගකීම වේ. එබැවින් ඉදිරි කටයුතු සිදුවන්නේ කෙසේද යන්නද අප සොයා බලන අතර මේ ලිපිය අප සකසා ඇත්තේ වගකිවයුතු රාජ්‍ය නිලදාරීන්ගේ විශේෂ කරුණු ගණනාවක්ම සටහන් නොකර බවද තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීම වෙනුවෙන් විනා නිකන් සිට හෝ රාජකාරිය පැහර හැරීම අදහා වැටුප් ලබා නොදෙන බවද සදහන් කරමු.

Exit mobile version