විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසන්නේ ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට යාමට සූදානමින් සිටින බවයි.
මෙලෙස ඔවුන් වර්ජනයකට සූදානම් වී සිටින්නේ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට පවරාදීමට අදාළ ගිවිසුමට එරෙහිවයි.
කෙසේ වෙතත් දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට යාමේ සූදානමක් නොමැති බවද ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කර ඇත.