විදුලිබිල නොගෙවූ රාජ්‍ය ආයතන අදුරේ

විදුලිබිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල පිහිටි කාර්යාලයේ අද (24) විදුලිය විසන්ධි කර ඇති බවට වාර්තා වේ.

එම කාර්යාලයෙන් සේවා ලබා ගැනීමට පැමිණි පිරිස් උදෑසන සිට පෝලිම්වල රැදී සිටියදී විදුලිබල මණ්ඩලයේ පිරිසක් පැමිණ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී තිබේ.

Exit mobile version