මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙ සභාපති ජනක රත්නායක අද ( 28 ) මාධ්‍ය හමුවකට සහභාගී වූ අතර එහිදී ප්‍රකාශ කරනු ලැබුවේ පෙබරවාරි 17 වැනිදා දක්වා විදුලිය අඛණ්ඩව ලබා නොදුනහොත් ඉදිරි දින කිහිපය තුළ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවයි.
එමෙන්ම පසුගිය දිනක මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාවකට සම්බන්ධ වූ විදුලු බල මණ්ඩලය , ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සහ බැංකු නිලධාරීන් සියලුම දෙනා අඩු වියදමින් විදුලිය නිපදවීම සදහා අවශ්‍ය නැප්තා සහ ෆර්නේස් අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඛණිජ තෙල් සංස්ථාව තුළ දැනට පවතින බව සහ මෙම ද්‍රව්‍ය මිලට ගැනීමට විදුලි බල මණ්ඩලයට මුදල් හිගයක් පවතී නම් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ගාස්තු සංශෝදනයෙන් පසු දෙමසක් තුළ අදාළ මුදල් පියවීමට පොරොන්දු වූ අතර සිසුන්ගේ ජීවිතය තීරණය කරන කඩයිම් විභාගයක් වන උසස් පෙළ විභාගය අතරතුර කාලයේදී අඛණ්ඩව විදුලිය ලබා දීමට එකගතාවයකට පැමිණි නමුත් අද වන විට එම තීරණය මුළුමනින්ම වෙනස් වී ඇති බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා වන ජනක රත්නායක ප්‍රකාශ කරන ලදී.
මෙම උද්ගතව ඇති තත්ත්වයට වග කිව යුත්තන් වන්නේ දේශපාලන අධිකාරිය බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ වැඩකට නැති , ක්‍රියාකලාපය මූලික වශයෙන් බලපාන බවත් ය. මෙම ක්‍රියාවන් නිසා අසරණ තත්ත්වයකට පත්ව ඇත්තේ අහිංසක දුවා දරුවන් බවත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සපුරාලීමට වගකිව යුතු නිලධාරීන් අපොහොසත් බවත් සභාපතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.