විදුලිය යථාතත්ත්වයට පත් කරන කාලය දැනුම් දෙයි. ඒ අස්සේ බොරුත් කීවාද?

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් අද (09) දිනයේ දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවූ අතර අද (09) පස්වරු 5ට පමණ එම විදුලි සැපයුම බිඳවැටීම සිදුවී ඇති බව වාර්තා වේ.

එය යථා තත්ත්වයට පත්කිරීමට පැය 02කට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබේ .

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත්කර ඇති බව යි.

කෙසේ වුවත් එම ප්‍රදේශ මොනවාද යන්න ඔවුන් ප්‍රකාශ කර නැති අතර රට පුරා විහිදී සිටින අපගේ හිතවතුන්ගෙන් ද අප විමසීම් කලත් එම ප්‍රදේශ වලටද විදුලිය ලැබී නැත.

Exit mobile version