විදුලිය විසන්ධි වන්නේ ද?නැද්ද?

අද (31) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද පස්වරුවේ දී සාකච්ඡා කර විදුලි කප්පාදුව සිදුවන්නේ ද නැද්ද යන්න පිළිබඳ නිෂ්චිත ප්‍රකාශයක් සිදුකරන බවයි එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

මීට ඉහතදී දෛනික විදුලි උත්පාදන කටයුතු සැළකිල්ලට ගනිමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් පසුගිය 27 වන දින සිට අද දිනය තෙක් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව දැනුම් දී තිබුණි.  

කෙසේ නමුත් මේ වන විට විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන බලාගාර වෙත ලැබෙමින් පවතින බව ද වාර්තා වේ.

Exit mobile version