යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇති බව වාර්තා වේ.
මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විදුලිබල මණ්ඩයේ නිළධාරීන් කැඳවා තිබු අතර එහිදී පසුගිය කාලය තුළ රට තුළ විදුලි අර්බුදයක් ඇති වීම සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණි.
එහිදී අදහස් දක්වමින් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ පැවති රජයන් ගත් ඇතැම් තීන්දු තීරණ සහ විදුලි ජනන සැලසුම් අනුව බලාගාර ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිවිපාක මේ වනවිට ජනතාවට අත්විඳීමට සිදුවී ඇති බවයි.
සක්‍රීය බලශක්ති විශේෂ භාවිත කරමින් ඉදිරි ජනන සැලසුම් සකස් කිරිම කඩිනමින් සිදුකළ යුතු බවද විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.