විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතාගේ විශේෂ මාධ්‍ය හමුවක් අද (27) කැදවා තිබේ.
ගැටලුකාරී ප්‍රශ්නයක් බවට පත්ව ඇති ගල් අගුරු ආනයනය සම්බන්ධව ප්‍රකාශ කිරීමට ඇමතිවරයා මෙම මාධ්යය හමුව කැදවා තිබේ.
එහිදී ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගල් අගුරු රැගත් නෞකා 3ක් ජනවාරි මාසයේ 5, 9, 16 යන දිනවල ලංකාවට පැමිණීමට නියමිත බවත් නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය එම ගල් අගුරු තොග ලබාදීමට කටයුතු සලසන බවත්ය.