විදුලි ඉංජිනේරුවන්ගේ අවසන් තීරණය අද

ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළ්‍රෙ අද (19) දිනයේ දී අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කළේ ,සිය ගැටලු පිළිබඳව විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද දින හපත් ප්‍රතිචාරයක් ලබා දෙතැයි අපේක්ෂා කරන බවයි.

ඊයේ (18) දිනයේ දී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.

Exit mobile version