විදුලි ඉංජිනේරුවන් බොරු කී බවට අමාත්‍ය කාංචන කියයි.

විදුලිබල හා බලශ්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා  සඳහන් කළේ ගල් අඟුරු හිඟය හේතුවෙන් පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට විදුලි ඉංජිනේරුවන් සඳහන් කළ ප්‍රකාශය අසත්‍ය බවයි.

මෙනිසා ඔවුන්ට එරෙහිව ගත යුතු නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

එමෙන්ම දෙසැම්බර් මස 24, 25, 31 මෙන්ම ජනවාරි මස 01 වනදා ද විදුලිය කප්පාදු නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version