ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේ අද (18) දිනයේ දිවයින පුරා විදුලි ඉංජිනේරුවරුන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
විදුලිබල මණ්ඩලය වෙත පත්කරන ලද නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පලකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම වෘත්තීය සමිති ක්රියාමාර්ගයෙහි නිරත වන බවයි එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ.
එමෙන් ම අද (18) උදෑසන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ද විරෝධතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.