හෙට (16) දිනයේ සිට 19 වනදා තෙක් දෛනිකව පැය 03ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී ඇත.
මේ අනුව දිවා කාලය තුළ දී පැයයි මිනිත්තු 40ක කාලයක් A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කාණ්ඩ සඳහා විදුලි කප්පාදුව සිදු වන අතර රාත්‍රී කාලයේ දී ද පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර CC කාණ්ඩයට අයත්ව ඇති ප්‍රදේශවලට පෙරවරු 06.00 – 08.30 අතර පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමටත්, M,N,O,X,Y,Z යන කලාප සඳහා පෙරවරු 5.30 – 8.30 අතර පැය 03ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටත් නියමිතව ඇත.
මෙගා වොට් 300 ධාරිතාවයකින් යුක්ත නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ ඇති පළමු ජනන යන්ත්‍රයේ හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් අක්‍රියව ගොස් ඇති අතර එය යථා තත්ත්වයට ගැනීම සඳහා සති දෙකක කාලයක් දළ වශයෙන් වැය වෙතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
එමෙන්ම ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ද සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එහි සම්පූර්ණ ධාරිතාවය මෙගා වොට් 300ක ප්‍රමාණය ද ජාතික පද්ධතියට අහිමිව ඇත.
මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 600ක් අහිමිව ඇති බවයි.