විදුලි කප්පාදුව සම්බන්ධයෙන් නිවේදනයක්

අද (19) දිනයේ දී විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

පැයක පමණ කාලයක් එසේ විදුලිය විසන්ධි වීම පැවතිය හැකි බව ද විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ඉන්ධන නොමැතිකම හේතුවෙන් වසා දැමුණු කැලණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු යළි යථා තත්ත්වයට පත්වන තෙක් මෙම විදුලි කප්පාදුව සිදුවන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

Exit mobile version