මෙරට පවතින විදුලි කප්පාදුව බලාත්මක නොවන ප්රදේශයන් සහිත ලැයිස්තුවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.
ඒ අනුව එහි මෙරට ප්රධාන පෙළේ කර්මාන්ත පුරවරයන්, රෝහල් සහ බලාගාරයන් කිහිපයක් ඇතුළත් වෙනවා. මෙලෙස විදුලිය ලබාදීම ප්රමුඛතාවයක් බවට පත් කර ඇති මෙම ප්රදේශයන්ට මාදිවෙල පිහිටි මන්ත්රී නිල නිවාස ද ඇතුළත් වී තිබීම ද විශේෂත්වයකි