විදුලි ගාස්තු සියයට 14කින් අඩුවේ.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලි ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.


විදුලිබල මණ්ඩලය සියයට 3.34 කින් විදුලි ගාස්තු අඩු කිරීමට පසුගිය ජනවාරි මස ඉදිරිපත් කළ යෝනාව හකුලා ගනිමින් මෙම නව යෝජනාව ඉදිරිපත් කර තිබේ.


කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවුසවේ පසුගිය වසරේ ඔක්තෝබර් මස ඉහළ දැමූ බිදුලි ගාස්තු අඩු කරන බවයි.


ඔක්තෝබර් විදුලි ගාස්තු ඉහළ දැමීමේදී ඇතැම් ඒකක කාණ්ඩවලට සියයට 18 කට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමූ අතර අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් කියවුණේ ඔක්තෝබර් මස විදුලි ගාස්තු ඉහළ දැමීමට පෙර තත්වයට ගාස්තු පත්කරන බවකි.

Exit mobile version