විදුලි බලමණ්ඩලයේ වැටුප් ලේඛණ එලියට එයි.

ලංකා විදුලි බලමණ්ඩලය අංක එකේ හොර ගුහාවක් බව දිගින් දිගටම අනාවරණය වෙද්දී ජනතාවට අනාවරණය වුයේ ඔවුන් බිලි දී ඇත්තේ මෙරට මහජනතාව බවයි.

ඔවුන් වැඩවර්ජනය සඳහා කටයුතු කරමින් රට අදුරේ තැබීමට උත්සාහ කරද්දී ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් මෙරට මහජනතාව කොපමණ මුදලක් ගෙවන්නේද යන්නද අනාවරණය වී තිබේ. නියම සේවයක් ලබා නොදෙමින්, අසීමාන්විත වැටුපකුත් ලබන ඔවුන් තව දුරටත් තමන්ගේ පෞද්ගලික උවමනාවන් වෙනුවනේ කටයුතු කරන්නේ නම් ලංකාවට කුමකටද එවැනි මිනිසුන්.

කෙසේ වුවත් වැඩ වර්ජනය සාධාරණ නම් හෝ රටට අයහපතක් සිදුවන්නේ නම් අපද සිට ගන්නේ ඔවුන්ගේ පැත්තේය. නමුත් අවුරුදු ගනනාවක්ම රට වෙනුවෙන් කල යුතු දේවල් විදුලි බල මණ්ඩලයේ ඉහල නිලධාරීන් සිදු කලේ නම් සිදුවන අයහපතට මුහුණ දීමට සිදුවන්නේ මෙරට ජනතාවටම බව ඔවුන් සිටිය යුතුව තිබුනේ අතීතයේමය.

ඔවුන්ගේ වැටුප් සහ දීමනා වලට අනුව ඔවුන්ගේ කාණ්ඩ 5 ක් බෙදා තිබේ. වැඩ වර්ජනය කිරීමට සූදානම් වූ කණ්ඩායමේ පහලම ඉංජිනේරුවරයාගේ මාසික වැටුප 404,500.00 කි. උපරිම 919,432.00 කි. දීමනාද සමග මෙම වැටුප සදහන් වන අතර දීමනා වුවත් ඒවා ඔවුන්ට ලැබෙන්නේ මාසික වැටුප ලෙසය. වර්ජනයට සම්බන්ධ වුවන්ගේ සම්පූර්ණ වැටුප් විස්තරය පහතින් බලන්න. කෙසේ වුවත් මෙම වැටුප් සදහන් වන ලේඛනය සත්‍යම ලේඛනයකක්ද යන්න අප විසින්ම තහවුරු කර නැති අතර යම් වරදක් තිබේ නම් එය නිවැරදි කිරීමටද අප බැදී සිටී.

Exit mobile version