විදුලි බල මංඩලයේ නොහැකියාව සහ විදුලි ලොක්කන්ගේ සෙන්සර් වැඩ නැති බව

රට පුරා විදුලිය බිද වැටී මේ වනවිට පැය දෙකකට ආසන්න වෙමින් පවතී. පැය කිහිපයක් ගතවන විට සන්නිවේදන කුළුණුද අක්‍රීය වේ. එසේම දුම්රිය ඇතුලු සියලු යාංත්රිකව වැඩනරනා සියල්ලම මේ යන විටත් අක්‍රිය වී තිබේ. විදුලි බල මංඩලය සෑම අතකින්ම ජනකාව හිරකරමින් සිටී

විදුලි බල මංඩලය නිවේදනය සදහන් කරනුයේ කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි මාර්ගයේ ඇති වු දෝෂයක් මත මෙසේ විදුලිය විසංදි වී ඇති බවයි.

ලංකාවේ විදුලිබල මංඩලය යනු දැඩි මහජන අප්‍රසාදීත ආයතනයකි. ජලාශ වල ජලය අනවශ්‍ය ලෙස මුදා හැර පුද්ගලික අංශයෙන් තමන්ට ලැබෙන කොමිස් මුදල් ඔවුන්ගෙන් විදුලිය ලබා ගන්නා බවටද ඔවුන්ට චොදනා එල්ල වේ. එසේම පසුගිය අරගල සමයේ ද ඔවුන් ජලාශයක ජලය ඉවත් කල බවටද චෝදනා එල්ල විය.

දුෂණ චොදනා රාශියක් සහිත විදුලි බල මංඩලය මෙන්ම් එහි වර්තමාන අමාත්‍යවරයාද මේ වන විටත් ජනතාවට විදුලි බිලෙන කොකා පෙන්වමින් සිටී.

⁣ලක්ෂ ගණනින් වැටුප් ලබන විදුලි බල මංඩල සේවකයන් මෙන්ම අමාත්‍යවරයා දක්වාම ලැජ්ජා විය යුතු වුවත ඔවුන්ට ලැජ්ජා නහර නැති බව මීට පෙරම අවස්ථා ගණනාවකදීම රටට ම පෙන්වන ලදී.

දිනපතා වරින් වර විදුලි විසංදි කිරීම් පවා සිදු කරන ඔවුන් මෙරට ජනතාවගේ යංත්ර සුුත්ර සමග පවා සෙල්ලම් කරනුයේ, හැගීම් දැනීම් නැති නිසාය. මේ සියල්ලෙන්ම කියවෙන්නේ බයිලා ගහන ඇමතිටත්, රටම ඇන්දුවේ යැයි සිතාගෙන සිටින විදුලිබල මංඩලයේ සේවකයන්ටත් රට ගැන කිසිිිිදු වගකීමක් හෝ ඒ ගැන සිතීමට වත් හැගීම් දැනීම් නැති බවයි.

Exit mobile version