විදුලි බල මණ්ඩලයට කෝටියක පොල්ලක් තිබු ඇමති හෙළි වෙයි? (වීඩියෝ සහිතයි)

ලංකා විදුලි බල මණ්ඩලයට එක්කෝටි විසිලක්‍ෂ පනස්හයදහස් අටසිය තුනයි ශත තිස් අටක (12,056,803.38) මුදලක් ගෙවීමට ඇති අමාත්‍යවරයා වන්නේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

එම ලිපියට අනුව 2015 පෙබරවාරි මස සිට 2022 පෙබරවාරි මස 11 වැනිදා දක්වාම විදුලි සැපයුම සදහා මුදල් ගෙවා නැත. කෙසේ වුවත් මීට දින කිහිපයකට පෙර අමාත්‍යවරයෙකු විසින් මෙසේ විදුලි බල මණ්ඩලයට මුදල් ගෙවා නැති බවද නිර්නාමිකව වාර්තා කර තිබුණි.

එහි සඳහන් ලිපිය 2022 ජනවාරි මස 11 වැනිදා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි කොලඹ නගරය බාර හේමසිරි රණසිංහ විසින් අත්සන් කර තිබේ. කෙසේ වුවත් මෙම පුවත අසත්‍ය නම් එය නිවැරදි කිරීම ගරු අමත්‍යවරයා සතු වගකීමක් වන අතර අමාත්‍යවරයා අපහසුතාවයට පත් කිරීමේ අරමුනින් මෙසේ ලිපියක් සමාජ මාධ්‍ය තුල සැරි සරන්නේ නම් එය වහාම නිවැරදි කිරීමට ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා කටයුතු කල යුතුය

කෙසේ වුවත් කවුරුන් හෝ අමාත්‍යවරයෙකු මේ ආකාරයෙන් වංචාවක් සිදු කර තිබෙන්නේ නම් එහි වරද පැටවෙන්නේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට වන අතර එසේ කිරීමෙන් අපහසුතාවයට සහ අපකීර්තියට ලක වන්නේද රජය වන අතර එහි පීඩනය දර ගන්නට වන්නේද මහජනතාවටයි. එවිට රජයකින් මහජනතාව බලාපොරොත්තුවන සේවය ඔවුන්ට නොලැබෙනු ඇත. (වීඩියෝ බලන්න )

Exit mobile version