විදුලි බල මණ්ඩලයට  මාස 3ත් තුල බිලියන 108 ක ආදායමක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ නව ගාස්තු අයකිරීමේ ක්‍රමය ආරම්භ කොට පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලංකා විදුලි බල මණ්ඩලය ලබා ඇති බවයි.

මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් නොකඩවා  විදුලිය  ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශයන් ලබා ඇති මෙමෙ අදායම දෙස බලන විට පිළිගත නොහැකි බව මන්ත්‍රීවරයා විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇති බව සදහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බලමණ්ඩලයට  උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුවකින් තොරව ලබාදෙන ලෙස උපදෙස් ලබාදී තිබියදීත්  ඊයේ දිනයේ  පෙර පරිදිම විදුලි කප්පාදුව සිදුකරණු ලැබුවේ උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි මස 17 වනදා දක්වා නොකඩවා විදුලිය ලබාදීමට දිනකිහිපයකට ඉහතදී අදාළ බලධාරීන් විසින් මානව හිමිකම් කොමිසම වෙත එකඟතාව පළ කර තිබු පසුබිමකය.

එසේ එකගතාවය පලකොට තිබියදීත් මානවහිමිකම් කොමිසමට විරුද්ධව හෝ අගෞරව වනපරිදි ක්‍රියා කිරීමේ වරදට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දන්වා වාර්තාකරණ බව එම කොමිසම විදුලි බලමණ්ඩලයට  දන්වා ඇති බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිසම ගෙන ඇති තීරණය දැනුන් දී ඇති අතර පෙබරවාරි 17 දින තෙක් විදුලි කප්පාදුවකට අවසර නොදෙන බව ද දැනුන් දී ඇති බව වාර්තා වේ.

Exit mobile version