විදුලි බල මණ්ඩලයේ තක්කඩි, මෝඩ, නල්ලමලේ මාධ්‍ය ප්‍රකාශක සිපිරි ගෙදරටම යා යුතුය.

අඟහරුවාදා (පෙබරවාරි 20, 2024) දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘බිග් ෆෝකස්’ නම් සජීවී විකාශනය අතරතුර ලංවිම මාධ්‍ය ප්‍රකාශක විසින් කරන ලද ඇතැම් අදහස් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) ඊයේ අප්‍රසාදය පළ කල අතර ඔහු රටට පෙන්වා දුන්නේ ඔවුන්ගේ සිතිවිලි නොහොත් විදුලි බල මණ්ඩලයේ නිලධාරින් සිතන තත්වයයි.

එහිදී ඔහු සිදුකල කතාවෙන් පෙන්නුම් කලේ මෙරට ජනතාව දුක් විඳින ආකාරය පිළිබඳව කිසිදු තැකීමක් ඔහුට නැති බවයි. එසේම අප නිරන්තරයෙන්ම පෙන්නුම් කරන මෙරට රාජ්‍ය සේවයේ ඉහල පෙලන්තිවල මිනිසුන්ගේ ආත්මාර්ථකාමී දුෂ්ඨ ගතිය ඔහු පෙන්නුම්කලේ රටේ දරුවන්, මිනිසුන් දුක් වින්ඳත් අපට පලක් නෑ අපට තිබෙනවානේ යන අරුතෙනි. එසේම තේ වතුවල වැඩකරන මිනිසුන් බේබද්දන් බව ප්‍රකාශ කල ඔහුට ද වැටුප් ගෙවන්නේ ඔවුන් දුක් විඳ ගෙවන බදු මුදල් වලින් බව ඉගෙනගෙන නැත.

එසේම දරුවන්ගේ අධ්‍යාපනයට විදුලිය අවශ්‍ය නොවන බව පැවසූ ඔහු නුගත් තවත් කරුණක්  වනුයේ භුමි තෙල් ලාම්පුවෙන් වැඩකළ යුතු නම් රටට විදුලිය දුන්නේ කුමකටද යන්නයි. එසේම බදුල්ල ප්‍රදේශයේ මියගිය පියා බේබද්දෙකු බවත්, අවාසනාවන්ත ලෙස අසල්වැසි නිවසකින් විදුලිය ලබා ගැනීමට උත්සාහ කර ජීවිතය නැති කර ගත් බවත්, මුදල් නොගෙවීම නිසා සැපයුම් විසන්ධි වීම නිසා ඔහුගේ දරුවන්ට රාත්‍රියේ ඉගෙනීමට නොහැකි වූ බවට චෝදනා කල ඔහුට නොපෙනුන කරුණ නම් තවත් මිලියනයකට පමණ විදුලිය විසන්ධිකර තිබෙන බවයි.

තමා පුද්ගලිකව කුඩා ජල විදුලි බලාගාර මෙගාවොට් 750ක් සම්බන්ධ කර ඇති බව පවසන ඔහු එසේ කලේ කෙසේද යන්න වෙනමම පරීක්ෂණයක් කර එවැනි අය තවත් විදුලිබල මණ්ඩලයේ සිටින්නේ නම් වහාම රාජ්‍ය සේවයෙන් නෙරපා දැමිය යුතුය. ජලාශ වල ජලය ඉවත්කර පෞද්ගලික විදුලිබලාගාරවලින් මුදල් ගෙවා විදුලිය ලබා ගන්නේද මොවුන්ම වන අතර එවිට ඔවුන්ට කොමිස් මුදල් ලැබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු පාර්ලිමේන්තු පනතක ඇති සහ නීතිපතිවරයා විසින් ද පැහැදිලි කර ඇති දේ අනුගමනය කිරීම සම්බන්ධයෙන් ඔහු විවේචනය කරමින් ඔහුගේ නීතිවිරෝධී හැසිරීම පෙන්වා දුන්නේය. එවන් ඒකාධිපති ස්වරුපයේ ප්‍රකාශ නිකුත්කළ ඔහු  පුනර්ජනනීය AGM තනතුර ලබා දෙන ලෙස විවෘතව අභියෝග කරමින් හැසිරුනේ සාමාන්‍ය මිනිසෙකු ලෙස නොව, මෝඩ තකතීරු මිනිසෙකු ලෙස රටේ ජනතාවට අපහාස කරමිනි.

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ තත්වය එසේ බව අප වාර්තා කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ.

අපි අවුරුදු 09ක් විදුලි ගාස්තු වැඩි කළේ නැහැ. දැන් එක පාරට ගාස්තු වැඩි කරන නිසා දුක් විඳිනවා. ලංවිම තවමත් රජයට බිලියන 440ක් ණයයි” ලෙස ප්‍රකාශ කරන ඔහුට නොතේරුන තවත් දෙයක් නම් ඒවාට වගකිව යුත්තේ රටේ ජනතාව නොව ඔවුන්ම බවයි.

රටේ තාක්‍ෂණික දියුණුවට සමගාමීව පහසුකම් ලබා නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කරන්නේ, සිය දරුවන්ට ප්‍රමාණවත් පරිදි මුදල් උපයා දීමට නොහැකි වීම මාපියන්ගේ වරදක් බවයි. ඔහුට නොදැනුනු දේ නම් මෙරට විනාශ කලේ ඔහු වැනි නිලධාරීන් විනා රටේ මිනිසුන් නොවන බවයි. ඔවුන් සුර සැප විඳිමින්, තම තනතුරුවල සිට වැජෙඹන්නේ කෙසේද යන්නවත් තේරුම් ගැනීමට තරම්වත් ඔහුට දැනුමක් නැති බව ඔහුම පෙන්වා දුන්නේය.

ඒ අතර රටේ ජනතාවට අපහාස කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට එරෙහිව වහාම පියවර ගෙන, ඔහුගේ වැඩ තහනම් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේය.ඒ අතර මීට සුළු මොහොතකට පෙර වාර්තා වන්නේ මෙම අමනෝඥ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා තම ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි. කෙසේ නමුත් ඉල්ලා අස් වීම පමණක් නොව ඔහු සහ ඔහුගේ ආයතනයේ සිටින වෙනත් දුෂිත නිලධාරීන්ගේ කරුණු පවා වෙන වෙනමම සොයා ඔවුන් රාජ්‍ය සේවයෙන් නෙරපා හැර සිර දඩුවම් ලබා දිය යුතුය. එවිට අනෙකුත් නිලධාරින් ස්වාභාවිකවම වෙනස් වනු ඇත

Exit mobile version