විදුලි බල මණ්ඩලයේ දූෂිත නිරුවත එලියට එයි. (වීඩියෝ) වැඩියෙන්ම පඩිත් අරගෙන පෙන්ෂන් එකකුත් ගන්න මණ්ඩලයේ හොරු හෙට සිට ජනතාවට අමුඩය ගලවා පෙන්වයි

ලංකා විදුලි බල මණ්ඩලය යනු මහජනතාවගෙන් වැඩියෙන්ම වැටුප් ලබන සහ, විශ්‍රාම වැටුපක් මෙන්ම අවුරුදු 55 සම්පූර්ණ වූ ලක්ෂ 50 කටත් වඩා ( අඩුම වැටුප් ලබන්නා හ ප්‍රමාණයක් ගනී) අරමුදලකුත් ලබනා සේවකයන්ගෙන් ගහන ආයතනයකි. ඔවුන්ගේ ආදායමවත් ඔවුන්ගේ වැටුප් ගෙවා ගැනීම සදහා මදිව තිබේ.

ඔවුන් හෙට අද රාත්‍රී 12.00 සිට වැඩ වර්ජනය කරන්නේ “ 2009 අංක 20 දරන විදුලි බල පනතේ 43 වන වගන්තියේ උප වගන්ති 3 ට අනුව “ තාක්ෂණික වශයෙන් වශයෙන් පිළිගත හැකි ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද තැනැත්තන් අතුරෙන් අඩුම පිරිවැයකින් විදුලිය සැපයිය තැනැත්තෙකු කොමිෂන් සභාවේ කැමැත්ත ඇතුව සම්ප්‍රේෂණය කිරීමේ බලපත්‍රලාභියා විසින් තෝරා ගනු ලැබිය යුතුය”, යන කාරනාව පනතෙන් ඉවත් කිරීම නිසා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බැව් සංගම් ප්‍රකාශ කරයි.

එසේ එම පනතේ එම කොටස ඉවත් කිරීමෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ඇතිවන පාඩුව කුමක්ද?. ඔවුන් වැටුප් ලබන්නේ මහජන මුදලින් නම් , 2006 අංක 49 දරන ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව රජයේ සියලුම මිලදී ගැනීම් සිදුකල යුතුය. එවැනි පනතක් තිබියදී විදුලි බල මංඩලයට පමණක් වෙනත් ක්‍රමයක් ඇති කල අතීත පාලකයන් කවුද?. විදුලි බල මංඩලයට එසේ කිරීමට ලබා දීමෙන් විදුලි ඉංජිනේරුවරුන් තමන්ට ඕනා ඕනා ස්ථානවලින් විදුලිය ලබා ගනිමින් අත යට ගනුදෙනු කරමින් මුදල් ගසාගෙන කැවේද?. මේවා වෙනමම සොයා බැලිය යුතුය.

ඒ අනුව පැහැදිලි වන්නේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් සහ විවිධ සේවකයන් ඉතාම දැඩි ලෙස දූෂිතව ඇති බවයි. දිනකට පය ගනනාවක් විදුලිය කප්පාදු කරන්නේ නම්, ඒවා නිසි ලෙස කළමනාකරණය කරමින් රටේ ඉදිරිගමනට දායක වීමට නොහැකි නම් තමන්ගේ ආත්මාර්ථකාමී එවැනි විදුලි බල මණ්ඩලයකින් ඇති පලය කුමක්ද?. අනෙකුත් දූෂිත රාජ්‍ය සේවකයන්ටද එසේමය. මෙරට විනාශ කලේ මෙවැනි දූෂිත නිලධාරීන් සහ බහුතර දූෂිත දේශපාලකයන් බව මේ වන විටත් ඉතිහාසය තුල ලිය වී තිබේ.

රටේ තිබෙන සම්පත් විදේශිකයන්ට විකුනද්දී , මධ්‍යම රාත්‍රියේ ගිවිසුම් ගසද්දී මේ රාජ්‍ය සේවකයන් සිටියේ නිදාගෙනද?. ඒවාට ද අත්සන් කර තිබෙන්නේ රාජ්‍ය සේවකයන් නොවේද?. නීති සම්පාධනය කිරීමේ බල තල තිබෙන්නේ පාර්ලිමේන්තුවට නම් රාජ්‍ය සේවකයන්ට තිබෙන්නේ තමන්ගේ රාජකාරිය කිරීමටයි. තමන්ගේ පටු අදහස් ඉටු කරගැනීමට නොහැකි වන විට ජනතාවටම රෙද්ද උස්සා පෙන්වන රාජ්‍ය සේවයක් තවත් මෙරටට වැඩක් තිබේද යන්න , තීන්දු තීරණ ගන්නා රාජ්‍ය සේවකයන් තමගේ හදවතට තට්ටු කර විමසා බැලීම සුදුසුය.

Exit mobile version