“විදුලි බල මණ්ඩලයේ නාස්තිය,වංචාව, දුෂණය,හොරකම අඩු කරලා ජනතාවට සහන දෙන්න” – තිස්ස කියයි.

විදුලි බිල වැඩි කිරීමේ තීරණය සම්බන්දව මාද්‍ය වේදීන් විසින් සමගි ජන බලවේගයේ අදහස් විමසු අවස්තාවේ පාර්ලි මේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ “විදුලි බිල නැවත වරක් වැඩි කරනවාට අපි කොහොමත් කිසිසේත්ම කැමති නැ අපි විරුද්ධයි” බවයි.

එහිදී තවදුරටත් ඔහු සදහන් කලේ  එක්වරක් විදුලි බිල ඉතා ඉහළ ප්‍රති ශතයකින් වැඩි කල බවත් ඒ හෙතුවෙන් ජනතාවට ඔහුන්ගේ එදිනෙදා  වැඩකටයුතු ඉතාමත්ම අපහුවෙන් හා තුන්වේල හරියට කාල ඉන්න බැරි තරම්  වත් ආර්ථිකයක් නොමැති අවස්තාවක නැවත වරක් විදුලි බිල වැඩි කරණ යෝජනාවට විරුද්ධ බවයි.

එසේම මෙවන් දැඩි අර්ථික අපහසුතාවයෙන් සිටින මොහොතක ජනතාව තවතවත් සුරා කමින් ජතාව්ට තවතවත් බර පටවමින් විදුලි බල මණ්ඩලයේ පාඩු පියවන ක්‍රමයට අපි විරුද්ධ නිසා එම යෝජනාව කල් දමන ලෙස පවසන බව සදහන් කරණ ලදී.

තවද විදුලිබලමන්ඩලය පාඩු ලබන්නේ අදික මිල ගණන් යටතේ පුද්ගලික ඩීසල් බලාගාර හරහා විදුලිය ලබාගැනීමත් රජයක් ලෙස ඒ සම්බන්දව කිසිදු විකල්පයකට නොගොස් ඇති බැවින් මෙලෙස පාඩු ලබන තැනට පත්ව ඇති බව පවසයි.

තවදුරටත් කරුනු දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ විදුලි බල මණ්ඩලයේ නාස්තිය,වංචාව, දුෂණය,හොරකම ඇති බවත් ඒවා අඩු කොට එම සහනය ජනතාවට ලබා දීමට හැකියාව ඇති බවත් එසේ නොකර ජනතාව බයකරලා, තර්ජනය කරලා, විදුලි බිල වැඩි කරනවා නම් ජනතාව එක් වී පාරට බහින දිනය වැඩි අතක නොවන බවයි,

Exit mobile version