දුරකථන කුළුණුවල ජෙනරේටර් සඳහා ඩීසල් නිකුත් නොකිරීම හේතුවෙන් අද සිට දිවයින පුරා දුරකථන කුළුණු අදාළ ප්‍රදේශයේ විදුලි කප්පාදුවක් ඇති විට ඒවායේ 3G සහ 4G ට්‍රාන්ස්මීටර්වල interference reduction පද්ධති අක්‍රීය කොට ක්‍රියාත්මක වේ.
3G, 4G වැනි ඉහළ වේගවලින් දත්ත සම්ප්‍රේෂණයට මෙම පද්ධති අත්‍යාවශ්‍ය වේ. නමුත් වැඩි බලයක් අවශ්‍ය නිසා ඒවා දිගටම ක්‍රියාත්මක කිරීමට Backup battery බලය ප්‍රමාණවත් නැත.
මේ සඳහා සාමාන්‍යයෙන් ඩීසල් ජෙනරේටර් යොදා තිබුණත් ඒ සඳහා ඩීසල් ලබා දීම නවත්වා ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ විශාල ප්‍රතිග්‍රාහකයන් ප්‍රමාණයක් සිටින ප්‍රදේශවල සංඥා අතුරුබාධනය නිසා එම සම්බන්ධතාවල වේගය 2G මට්ටමේ (384kbps හෙවත් තත්පරයට කිලෝබයිට් 48 උපරිමයකින්) ක්‍රියාත්මක වීමයි.
මේ නිසා විදුලිය බිඳ වැටී ඇති විට ජෙනරේටර්, off grid ක්‍රම, powerbank වල voltage boost කිරීම හෝ වෙනත් ක්‍රමවලින් බලය ලබාගෙන රවුටර් ක්‍රියාත්මක කිරීමෙන් පළක් නොවේ.
බොහෝ නූතන අන්තර්ජාල කටයුතු සඳහා මෙම වේගය ප්‍රමාණවත් නැත.කෙසේ නමුත් සාමාන්‍ය ඇමතුම් සහ කෙටි පණිවිඩ වැනි සේවා සඳහා මෙයින් දැනට ගැටලුවක් නැත.
දිනකට පැය 12 ක්වත් විදුලිය ලැබෙන තාක් අවම සේවා තත්ත්වය පවත්වාගෙන දුරකථන කුළුණු ක්‍රියාත්මක කිරීමට ඒවායේ පවතින Backup බැටරි බලය ප්‍රමාණවත් වේ.
කෙසේ නමුත් interface reduction පද්ධති අක්‍රීය වීමත් සමග HD voice, VoLTE ආදී අතිරේක දත්ත සේවා අක්‍රීය වේ.