ජනතාවට දරාගත නොහැකි ලෙස රජය විසින් වැඩිකරන ලද විදුලි බිලට එරෙහිව ඊයේ (27) දින රාත්රියේ පන්දම් දල්වාගනිමින් කැකිරාව නගරයේදී ප්රදේශවාසින් විසින් විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.
එහිදී ඔහුන් චෝදනා කර ඇත්තේ මැති ඇමතිවරුන් කොටි ගණන් නොගෙවන ලද විදුලි බිල් වෙනුවට එම බර ජනතාව මත පටවා දරාගත නොහැකි ලෙස වැඩි කර ඇති විදුලි බිල වහාම අඩුකරන ලෙසයි.
රජය මෙලෙස විදුලි බිල වැඩි කිරීමෙන් කර්මාන්තශාලා වැසීයාමට පවා ලක්වන බවත් ඒ හරහා ජීවත්වූ ජනතාව එම හේතුව මත ඉතා අපහසුතාවයන්ට පත්ව ඇති හෙයින් රජය විසින් විදුලි බිල අඩුකිරීමට වහාම පියවර ගන්නා ලෙස ඔහුන් ප්රකාශ කර ඇති බව සදහන් වේ.
රජය විසින් මෙසම්බන්ධව සහන ලබා නොදෙන්නේ නම් ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම විරෝධතාවයන් වල නියැලෙන බව ඔහුන් ප්රකාශ කොට තිබේ.