ලංකාවේ විදුලි බල මණ්ඩලයේ සියලුම සේවක සේවිකාවෝ ලබාගන්නේ ඉහල වැටුපකි, එවැනි වැටුපක් මෙරට ගුරුවරුන්, වෙදුන්ටවත් නැත. එබැවින් ඔවුන්ට මෙරට ජනතාව සමග සෙල්ලම් කිරීමේ න්‍යාය ඉතාම හොදින් වැටහෙන්නේ, රටේ උන්නතියට වැඩ ඔවුන්ට අවශ්‍ය, ඔවුන්ගේ උන්නතිය පමණක් බැවිනි.
ඒ අනුව පෙබරවාරි මස පළමුවන දින සිට විදුලි බිල ශත 25 , සත 75, රුපියල, දෙක ලෙස විශාල ලෙස මිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජිතව තිබේ. මේ වන විටත් ලංකාවේ කර්මාන්තශාලා වැසි යමින් පවතින අතර පසුගිය වර්ෂ 4 ක් කාලය තුල කර්මාන්තශාලා ලක්ෂ 2.5 කට වඩා වැසි ගොස් තිබෙන අතර, වර්තමාන අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉතිහාසයට එක වෙමින්, ලක්ෂ ගණනින් විදුලිය කපා හැර තිබේ. එය අමාත්‍යවරයාටද සතුටු විය හැකි කරුණක් වන්නේ වැඩක් කර තිබෙන බැවිනි.
ඒ සමස්ත විදුලි ගාස්තු 3.34% අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කර තිබේ.
විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂම වෙත ලංකා විදුලිබල මණ්ඩලය විසින් යොමුකර තිබේ.
ඒ අනුව ගෘහස්ත විදුලි සබදතා කාණ්ඩය යටතේ මසකට ඒකක 0-30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12 ක ගාස්තුව රුපියල් 11 ක් දක්වාත්, රුපියලකින් අඩු කිරීමට සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 – 165 දක්වා රුපියල් 15 කින් අඩු කිරීමටද යෝජිතව තිබේ.
එම කාණ්ඩයේම මසකට ඒකක 31 – 60 දකවා අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 27.50 දක්වා රුපියල් 02.50 කින් අඩු කිරීමටත් යෝජනා වි තිබේ.
මෙතෙක් රුපියල් 360 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 330 දක්වා රුපියල් 30 කින් අඩු කිරීමත්, මසකට ඒකක 0-60 දකවා තිබු රුපියල් 38 ක ගාස්තුව වෙනුවට රුපියල් 37 ක් ලෙස රුපියලකින් අඩු කිරීමටද, 61 – 90 දක්වා තිබෙන ස්ථාවර ගාස්තුව 41 – 39 දක්වා රුපියල් දෙකකින්ද, එහි ස්ථාවර ගාස්තුව 480 සිට රුපියල් 455 දක්වා රුපියල් 25 කින් අඩු කිරීමටද යෝජිතව තිබේ.
ඒකක 91 – 120 දක්වා අය අකෙරෙන ගාස්තුව රුපියල් 59 සිට 56 දක්වා රුපියල් 03 අඩු කිරීමටත්, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් රුපියල් 1180 සිට රුපියල් 1120 දකවා රුපියල් 60 කින් අඩු කිරීමටත් යෝජිතයි.
ඒකක 121 සිට 180 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 59 – 57 දක්වා රුපියල් 02 කින් අඩු කිරීමටත්, ඊට අදාලව රුපියල් 1770 ක් තිබෙන ස්ථාවර ගාස්තුව රුපියල් 1700 දක්වා රුපියල් 70 කින් අඩු කිරීමත් යෝජනා කර තිබේ.
ආගමික සහ පුණ්‍ය ආයතන සදහා 0-30 දක්වා අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12 සිට 11 දක්වා රුපියලකින්ද, ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 165 දක්වා රුපියල් 15 කින්ද අඩු කිරීමටද යෝජනා කර තිබේ.
කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300 ට වැඩි විදුලි පරිභෝජනය රුපියල් 28 ක ගාස්තුව රුපියල් 26.75 දක්වා සත 25 කින්ද, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1120 – 1070 දක්වා රුපියල් 50 කින් අඩු කීමටත් යෝජනා කර තිබේ.
හෝටල් ඛාණ්ඩය යටතේ මසකට ඒකක 300 ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනාය රුපියල් 20 – 19.20 දක්වා ශත 75 කින් අඩු කිරීමටද, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15 කින් අඩු කිරීමටද යෝජනා කර තිබේ.