මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇති බව වාර්තා වේ.
අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
“පසුගිය දෙසැම්බර් මාසයේ දී අපි තීරණයක් ගත්තා විදුලිබිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව ලබාදීලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශවයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් යෝජනා, දකින ගැටලු ගැන අපිට තොරතුරු දෙන්න කියලා. “