විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ හෙට (10) සිට බලපැවැත්වෙන පරිදි 75% ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දී ඇති බවයි.

ඒ අනුව ඒකක 30ක් දක්වා භාවිතා කරනු ලබන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රු.198ක මුදලක් අමතරව මේ හරහා වැඩි වේ.

එමෙන්ම ඒකක 60ක් දක්වා විදුලි පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා 200%ක පමණ වැඩිවීමක් සිදුවන බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඒකක 90ට වැඩි විදුලි පරිභෝජකයින් සඳහා 276% ක වැඩිවීමක් ඉල්ලා සිටිය ද අවසර ලබා දී ඇත්තේ 125%ක පමණ සුළු ප්‍රමාණයක් බව ද මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Exit mobile version