විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එයට එරෙහිව පිරිසක් අද (17) බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වූ බව වාර්තා වේ.
මෙම පිරිස අමාත්‍යාංශයේ ප්‍රධාන දොරටුව වැසෙන සේ පුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් විරෝධය සිදු කර තිබෙන අතර එම ස්ථානයට පැමිණි පොලීසිය විසින් ප්‍රධාන දොරටුව අවහිර නොකරන ලෙසත් , එසේ අවහිර කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් පවසා ඇති අතර ඉන් අනතුරුව පිරිස විසිර ගිය බව වාර්තා වේ.
එමෙන්ම ” විදුලි ගාස්තු ඉහළ දැමීම මහාම අත්හිටුවනු ” යන පාඨය ඔස්සේ විරෝධතාවය පැවැත් වූ බව කියයි.