විදුලි රැහැනක පැටලී කාන්තාවක් මරුට

ඊයේ (24) දින රාත්‍රියේ විදුලි රැහැනක පැටලීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව හතරලියද්ද රංගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සතුන් දඩයම් කිරීම සදහා කැලෑ රොදක අටවා තිබු අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇත්තේ 66 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.

මෙලෙස මෙම කැලෑ රොද තුල  මෙම විදුලි රැහැන අටවා ඇත්තේ මියගිය කාන්තාවගේම පුතු බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධව මරණ පරීක්ෂණ අද පැවත්වීමට නියමිතව ඇති බව සදහන් වේ.

Exit mobile version