පසුගිය දින කිහිපයේ පැවතී විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් ගෙන ගිය වැඩ වර්ජනයේ නියුතුව සිටි සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නියෝග කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ සිටින අති බහුතරයක් වන රාජ්‍ය සේවකයන් එම සේවයට බදවා ගත්තේ දේශපාලන ලැයිස්තුවලින්. 1994 සිට 2015 දක්වාම බදවා ගන්නා සේවකයන් විශාල ප්‍රමාණයක් බදවා ගත්තේ දේශාපලන ලැයිස්තුවෙනි.
1994 සිට 2015 දක්වාම රට පාලනය කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ චන්ද්‍රික බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් විසිනි.