විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් රජය අමෙරිකාව සමග අත්සන් කර ඇති ගිවිසුම අවලංගු කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි විදුලි වෘත්තිය සමිති පවසන්නේ.

මේ වන විටත් එළඹෙන 03 වන දින දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු වන රංජන් ජයලාල් මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එදිනට විදුලිබල මණ්ඩලයේ සියලුම රෙජිමේන්තු ජාතික විරෝධතා දිනයක් බවට පත්කරන බවත් ඊට පෙර මෙම ගිවිසුම අවලංගු කිරීමට රජය කටයුතු කළ යුතු බවත්ය.

Exit mobile version