විදුලි සංදේශ නියාමක කොමිෂම රූකඩයක් වෙයි. සන්නිවේදන සමාගම් පස්සා පැත්ත පෙන්වයි.

විදුලි සංදේශ සමාගම් විසින් සිදු කරන ලද දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරයකින් තොරව සිදු කර ඇතැයි එම සභාව පවසන බව මව්බිම සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මීට අවුරුද්දකට පමණ පෙර සිටම ලංකා පුරාම සන්නිවේදන කුළුණු ඉදිකිරීමද මෙම සමාගම් විසින් සිදුකලේ ඔවුන්ට අවශ්‍ය ලෙසය. පැරණි වෙහෙරවල් විනාශ කරමින්,  වනාන්තර විනාශකරමින්, වටිනා පරිසර පද්ධතීන් විනාශ කරමින් තම හිතුමතේට සන්නිවේදන කුළුණු ඉදිකරන ලදී. නමුත් හිටපු විදුලි සංදේශ කොමසාරිස් ජනරාල්ද එම සමාගම් සමග එකතුව දූෂිත කර්මයන් ක්‍රියාත්මක කරන ලදී.

රාජ්‍ය නිලධාරීන් පෞද්ගලික අංශයන් සමග එක්ව සිදුකරනු ලබන දූෂිත ක්‍රියාවලීන් නිසාම එම ආයතන සියල්ලම දූෂණයට ලක්ව තිබේ. දීර්ඝකාලීනව එම ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරින්ට වඩා එම ආයතන විනාශ කරනුයේ දේශපාලන වුමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සහ දේශපාලන පත්වීම් ලබන, ලේඛ්ම්වරුන්, අධ්‍යක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් විසිනි. ඔවුන් බලයට පත්වන රජයට අවශ්‍ය ලෙස කටයුතු කරමින් ඔවුන් රට විනාශ මුඛයට රැගෙන ගියේය.

කෙසේ නමුත් වාර්තාවන ආකාරයට දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කර තිබුනත් එම සමාගම් වෙත ලිපි යොමු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බවද සදහන් වන අතර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හේතුවෙන් අද (ඔක්. 5) සිට බලපැවැත්වෙන පරිදි දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කරන බවට විදුලි සංදේශ සමාගම් සඳහන් කර තිබේ.

ඒ අනුව සියලු ම පෙරගෙවුම්, පසුගෙවුම් පැකේජ සහ Pay TV සේවා සඳහා 2.5%ක එම නව බදු ප්‍රතිශතය එකතු කර ඇති අතර ඊට අදාළව ගාස්තු ද සංශෝධනය කර ඇත. කෙසේ නමුත් එම ආයතන සහ රාජ්‍ය ආයතන එකතුව මාෆියා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

Exit mobile version