නව අධ්‍යාපන ඇමතිතුමනි, මේ ඔබතුමාගේ අවධානය පිණිසය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජාතික පාසලක් වන ගොඩකවෙල රාහුල ජාතික පාසලට විදුහල්පතිවරු හෝ නියෝජ්‍ය විදුහල්පතිවරු නැතිබව අපට වාර්තා වුයේ මීට සති කිහිපයකට පමණ පෙරදිය. එසේම මේ පාසලේ ගුරුවරුන් බොහොමයක් අයාලේ යාම ආරම්භ කර තිබෙන්නේ ද මීට බොහෝ කාලයකට පෙර වන අතර ගුරුවරුන්ගේ උපකාරක පන්තියට නොපැමිණෙන දරුවන්ට දැඩි බලපෑම් කිරීමට පවා මෙම පාසලේ සමහරක් ගුරුවරු කටයුතු කරන බවට පැහැදිලි සාක්ෂි අප සතුව තිබේ. එම තත්වය නම් බොහෝ පාසල් වල දක්නට ලැබේ.
එසේම මේ පාසලේ පච්චා ගසා ගත් රස්තියාදුකාර ගුරුවරයෙකු දරුවෙකුගේ අස්ථි බිදෙන්නට පහර දී තිබේ. ඒ පිලිබඳව ලැබුණු තොරතුරක් මත අප ගොඩකවෙල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගෙන් විමසු අතර එම ගුරුවරයාට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම කැඳවීම් කර තිබෙන බවද, ඔහුව අත් අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයක්ම නිවසට ගියද ඔහු එහි නැති බවද දන්වන ලදී. එසේම අද පාසැල වේලාවෙන් පසු අත් අඩංගුවට ගැනීමට පොලිසියෙන් අවශ්‍ය කටයුතු සිදුකලද, ඔහු වේලාසන පාසලින් පිටව ගොස් ඇතිබවද දන්වා දැනුම් දෙන ලදී. ඒ හේතුවෙන් හෙට දින අධිකරණයට කරුණු වාර්තා වරෙන්තු ඉල්ලීමට කටයුතු කරන බවද දන්වන ලදී.
එම පාසල සදහා ප්‍රධාන විදුහල්පතිවරයෙකුට අමතරව නියෝජ්‍ය විදුහල්පතිවරු හතර දෙනෙකු සිටිය යුතු වුවත් එවැනි කිසිම විදුහල්පතිවරයෙකු නොමැතිව අවුරුදු කිහිපයක් තිස්සේ අයාලේ යන මෙම පාසැල ගැන කිසිදු අධ්‍යාපන බලධාරියෙකුගේ අවධානයට යොමුව නැත. මේ ලියුම් කරු මීට අවුරුදු 4 කට පමණ පෙර මෙම පාසලේ උසස්පෙළ පන්ති ආරම්භය සදහා දේශනයකට සහභාගි වූ අතර එදින නව 12 වසර පන්තිය සදහා දරු දැරියකන් 300 කට වඩා වැඩි ප්‍රමානයක් පැමිණ සිටියහ.
විදුහල්පතිවරුන් නැති මෙම ජාතික පාසලේ පාලනය කිරිමට කිසිවෙකු නැති අතර ටව සති කිහිපයකින් විශ්‍රාම යාමට සිටින වැඩිහිටි ගුරුවරයෙකු විසින් අනෙකුත් ගුරුවරුන්ගේද සහයෝගය ඇතිව පාසැල පාලනය කරයි. නමුත් චන්ද කාලයට කටයුතු විවිධ ගුරු සංගම්වල සාමාජිකයන්ද මෙම පාසලේ සිටිති. දේශපාලකයන් වෙනුවෙන් හොදටම කරන දෙමාපියන්ද මෙම පාසලේ සිටිති. එහෙත් මේවා ගැන කතා කරන්නට හෝ කියන්නට ඔවුන්ට අවශ්‍ය නැත. උපකාරක පන්ති යවන දියණියන් මෙන්ම පුතුන්ගේද ජීවිතද දිනෙන් දින විනාශ වෙමින් පැවතුනද අදාළ රාජ්‍ය සේවයේ බලධාරීන්ගේ ඔලුගෙඩි වලට මේවා දැනී නැත. මේ පාසලේ දරුවන් විශාල ප්‍රමාණයක් විවිධ මත්ද්‍රව්‍යවලට පවා ඇබ්බැහි වී තිබෙන්නේ දරුවන්ගේ වරදින් නොව. දෙමාපියන් සහ ගුරුවරුන්ගේ මෙන්ම පාසලේ වැරදි නිසාය. නමුත් නගරයේ අනෙක් ප්‍රධාන පාසලේ එවැනි විනාශයක් දක්නට නොමැති බව අපෙගේ මාධ්‍යවේදියා සදහන් කර තිබේ.
දරුවනට නිරපරාදේ පහරදෙන ගුරුවරුන්ටද, ගුරුවරුන්ට විරුද්දව පොලිසි යන දෙමාපියන්ටද අත්‍යාවශ්‍යම ප්‍රශ්න විසදා දරුවන් සුරක්ශා කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැත. දෙමාපියන් කෙසේ වෙතත් දෙමාපියන්ගේ බදු මුදලින් ජීවත් වෙන අධ්‍යාපන බලධාරින් පත්කර තිබෙන්නේ ඒවා කිරීමටය.
හොඳම දේ දරුවන්ට බව පවසන බලධාරීන් මෙන්ම අධ්‍යාපන බලධාරීන්ගේ සෙල්ලම් ගැන බොහෝ දේ ලිවිය හැකිය. ස්මාර්ට් ජංගම දුරකතනය හරහා විවිධ කාමුක ලිංගික වීඩියෝ දහස් ගනනක් සංසරණය වන අතර online පන්ති වලින් මෙසේ දහස් ගනනක් ලිංගික වීඩියෝ සමූහ සංසරණය වෙමින් පැවතියද, මෙරට අධ්‍යාපන බලධාරීන් හෝ ළමන් වෙනුවෙන් කටයුතු කරන කිසිම බලධාරියෙකුට නොපෙනෙන විනාශයන් නොපෙනීම අරුමයක් නොවන්නේ පෙනෙන විනාශයන් වන ප්‍රධානතම පැරණිතම ජාතික පාසලකට විදුහල්පතිවරයෙක් හෝ නියෝජ්‍ය විදුහල්පතිවරු හෝ කෙසේ පත් කරන්නද?.
මේ අතර පාසල් දරුවන් අතර විවිද මත් ද්‍රව්‍ය සීග්‍රයෙන් පැතිරෙමින් 6 වසරේ සිටම ලිංගික වීඩියෝ දර්ශන ගෙදරට හොරෙන් බලන වර්තමාන සාමජයේ එවුන්ගේ හෙට දවස පාකිස්තානයේ සේ වන්නේ අද අප රටේ බලධාරීන්ගේ වරදින් බව තම තමන්ට නොදැනීමට තරම් මේ රට විනාශ වී ගොසිනි.