ඊයේ (03)දිනයේදී විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සදහා වූ නව පත්වීම් පිරිනැමීමට එරෙහිව ගොනු කර තිබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
වාර්තා වන ආකාරයට මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරුවන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ හමුවේ කැදවූ අවස්තාවේදී අදාළ පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව අදාළ තීන්දුව ලබා දුන් බවයි.
විදුහල්පතිවරුන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුනේ ශ්‍රීලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණිය සදහා පත්වීමට තමන්ද සුදුසුකම් ඇති බව සදහන් කරමින් බව තවදුරටත් වාර්තා වේ.