විදෙශ ගමන් බල පත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවති.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්‍යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇති බව වාර්තා වේ.

එක් දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සදහා එම බලපත්‍ර ස්පීඩ් පෝස්ට් හරහා ලබා දීමට කටයුතු කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එමෙන්ම ඇති වී ඇති තාක්ෂණික දෝෂය නිවැරදි කිරීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version