විදෙස්ගතව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නන්ට රතු නිවේදන.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

විදේශගතව සිටිමින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් 12 දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් එහිදී පෙන්වා දී ඇත්තේ මෙම පුද්ගලයින් 12 දෙනාගෙන් කිහිප දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවයි.

කෙසේ නමුත් මෙම අවස්ථාවට එක්ව සිටි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇතැම් පොලිස් නිලධාරීන් ද සමීපව කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

Exit mobile version