කැබිනට් මණ්ඩලය විසින් විදෙස්ගත ශ්‍රමිකයන් හට නිත්‍යානුකුල මාර්ග ඔස්සේ මෙරටට ප්‍රේෂණ එවීම සදහා අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ඔවුන්ට ආනයනය කිරීම සදහා පහසුකම් සැපයෙනු ලබන්නේ ඇමෙරිකානු ඩොලර් 25,000 ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් සහ ඇමෙරිකානු ඩොලර් 65,000 ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පුර්ණ විද්‍යුත් වහනයකි.
එසේ ආනයනය කිරීමේදී අවසර හිමිවන්නේ 2023.04.30 වන දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සදහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමකින් යුක්ත රෝද 02ක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය සදහාය.
එමෙන්ම 2022.05.04 දින සිට 2023.12.31 දින තෙක් මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුක්ත රෝද 04ක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට අවසර ලැබී ඇත.
ඊට අදාල කැබිනට් පත්‍රිකාව කම්කරු කැබිනට් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.