විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ප්‍රකාශ කළේ සංචාරක වීසා මත විදෙස්රටවල් වෙත ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන බවයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙසේ ජාවාරම්කරුවන්ට හසු වූ පිරිස සංචාරක වීසා මගින් විදෙස්ගතව ඇති බවත් ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුමැතිය නොමැතිව විදෙස්ගතව ඇති බවත් ය.