ප්රසන්න මනි එක්චේන්ජ් පුද්ගලික සමාගම වෙත විදෙස් මුදල් මාරුකිරීම සඳහා ලබා දී තිබූ බලපත්රය අවලංගු කර තිබේ.
ඒ අනුව මහ බැංකුව සඳහන් කළේ එම සමාගමට තවදුරටත් බලයලත් විදේශීය මුදල් හුවමාරු කරන්නෙකු වශයෙන් කටයුතු කිරීමට අවසර හිමි නොවන බවයි.
මීට ඉහතදී ද 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතට අනුව බලපත්ර කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම සමාගම වෙත නිකුත් කර තිබූ බලපත්රය තාවකාලිකව අත්හිටුවා තිබුණි.