විදෙස් ජාතික යුවලකට අයත් ඩොලර් 800 ක මුදලක් සොරා ගැනීම සම්බන්දයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව තිස්සමහාරාම ප්රදේශයෙන් වාර්තා වේ.
මෙම විදෙස් මුදල් තොගය සැකකරුවන් විසින් සොරාගෙන ඇත්තේ පසු ගිය 19 වන දා තිස්සමහාරාම යෝධ වැව ආසන්නයේ පිහිටි නවාතැන්පලකදී විදේශිකයන් නිදා සිටියදී බව වාර්තා වේ.
කරුණු ඔස්සේ සිදුකරණු ලැබූ පරීක්ෂණ හමුවේ අද (23) දින අලුයම කාලයේදී සොරා ගත් මුදල් වලින් කොටසක් සමග සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා හා මුදල් අද දින තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.