විදේශගත වන පුද්ගලයන්ගෙන් අල්ලස් ගනී. රජය මැදිහත්වෙලා තරුණ තරුණියන්ට ජපන් භාෂාව නොමිලේ උගන්වන්න –  තරුණ පරපුර වෙනුවෙන් අලුත් වැඩක් කරන්න අවධානය.

මේ වන විට ජපානයේ ජනගහනය සීග්‍රයෙන් අඩුවෙමින් පවතින බැවින් ජපානයේ විවිධ රැකියා සඳහා ලක්ෂ ගණනාවක ඇබෑර්තු තිබේ. 2030 වන විට ලක්ෂ 30 කට වඩා වැඩියෙන් මෙසේ රැකියා ඇබෑර්තු ඇතිවන බව ගණන් බලා තිබේ.

මේ පිලිබදව මෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වංචා, දූෂණ අක්‍රමිකතා මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බොහෝ කරුණු ගවේෂණය කර සොයා බලා කටයුතු කරන අප ආයතනය තරුණ සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන්ද දැඩි අවධානයක් යොමු කර තිබේ. විදේශ රැකියා ප්‍රවර්ධනය පිලිබඳව ඊයේ පැවති මාධ්‍ය   හමුවකදී අප ආයතනයේ මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමුකරමින් ජපන් භාෂාව නොමිලේ ඉගැන්වීමට රජයේ අවධානය යොමුකළ නොහැකිද යන්න ප්‍රශ්න කරන ලදී. ඒ පිලිබඳව විස්තර ගණනාවක්ම ඉදිරිපත් කරමින් විශේෂ අනාවරණ ගණනාවක්ම ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.

අප ඉදිරිපත් කල ප්‍රශ්න සහ ලබා දුන් පිළිතුරු.

එසේම වෙනත් මාධ්‍ය ආයතනද නියෝජනය කරමින් පරශ්න ගණනාවක්ම ඉදිරිපත් වූ අතර විදේශ රාජ්‍යයන් වෙත රැකියා සදහා පිටත් වීමට බලාපොරොත්තුව සිටින සියලුම දෙනාටම මෙම මාධ්‍ය සාකච්චාව ඉතා ප්‍රයෝජනවත් වේ.

මාධ්‍ය සකච්ඡාව සම්පූර්ණයෙන්ම – මෙතැනින් බලන්න

මාධ්‍ය සකච්ඡාව සම්පූර්ණයෙන්ම

Exit mobile version