විදේශ මුදල් තොගයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය මහජන සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.
උණවටුන වෝටර් ගේට් හෝටලයේ රැදී සිටි විදේශිකයන් තිදෙනකු හට අයත් ඇමරිකානු ඩොලර් 16100 ක්,රුසියන් රූබල් 195000 ක්,යුරෝ 200 ක් යන මුදල් සොරකමට සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් එක් සැකකරුවකු අතුරුදහන්ව ඇති බැවින් ඔහු සොයා ගැනීම සදහා මහජන සහය පතන බවයි වාර්තා වන්නේ.
එම සැකකරුගේ විස්තර ලෙස නමින් වල්පිට ගමගේ චන්දන සමන් කුමාර වයස අවුරුදු 40 ක් පමණ වන තෙල්ලඹුර, උතුර නාකියාදෙනිය පදිංචි ජා: හැ: අ: 198230601773 දරණ බව සදහන් වේ.
තොරතුරක් වෙතොත් දු: අ: 076 8477810 දරණ උණවටුන පොලිස් සංචාරක එක්කකය වෙත දැනුන දෙන ලෙසද දන්වා ඇති බවයි වාර්තා වන්නේ.